LK-LUG යනු කුමක්ද?

LKLUG සමූහයේ අරමුණ ශ්‍රී ලංකාව තුල GNU/Linux මෘදුකාංග භාවිතය දිරිගැන්වීමයි. මෙය ආරම්භ කරන ලද්දේ 1998 ජුලි මාසයේදී LEARN ආයතනය මඟින් සංවිධානය කරන ලද Linux for Educational and Commercial Environments නම් වැඩමුලුවට සමගාමීවයි. ආරම්භයේදී එය සාමාජිකයන් 40 දෙනෙකුගෙන් හා උපදේශකයන් 5 දෙනෙකුගෙන් සමන්විත විය. ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය හා ලිනක්ස් distributions හා ඒවා සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීමත්, විද්‍යුත් තැපැල් හවුල් මඟින් අදහස් හා අද්දැකීම් බෙදාගැනීමත් මෙහිදී සිදුකරයි. අපගේ කුඩා ලිනක්ස් පුස්තකාලයේ ලිනක්ස් සඟරා, ලිනක්ස් උපකාරක ලිපිලේඛණ, සංයුක්ත තැටි හා තවත් බොහෝ ලිනක්ස් පොතපත ඇත.

මීට අමතරව මෙම සංගමය මඟින් විවෘත හා නිදහස් මෘදුකාංග ගැන වැඩමුලු හා ලිනක්ස් ස්ථාපනය සම්බන්ධ වැඩමුලු පැවැත්වීම ද සිදුකරයි.